ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු මෙම දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වීමත් විශේෂත්වයක්.
එහි දී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැ බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගිය 25 වැනිදා ද සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
එහි දී ජනාධිපති අපේක්ෂත්වය සහ ඉදිරියේ දී ගොඩනැගීමට අපේක්ෂිත සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
පළාත් පාලන ආයතන සඳහා සියයට 30ක කෝටාවක් සහ පළාත් සභා සඳහා සියයට 35ක කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බවටයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ.
එමෙන් ම පාර්ලිමේන්තුවට සියයට 40ක කෝටාවක් ලබා දෙන බවට ද බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව සඳහන්.
කෙසේ වෙතත් අදාළ යෝජනාව හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, විශ්වාසදායක ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා සියයට 90ක කෝටාවක්, පළාත් සභා සහ පාර්ලිමේන්තුව සඳහා සියයට 70ක කෝටා ඉල්ලා ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.