Image

ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුවට ගරු කරමින් පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් විය යුතුයි – චමිර පෙරේරා

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දි ඇති නියෝගයට ගරු කරමින් පොලිස්පතිවරයා සිය තනතුරෙන් ඉවත් විය යුතු බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති එම පක්ෂයේ රැස්විමකදිය.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

ගරු අධිකරණය විසින් පොලිස්පති ධුර අහෝසි කර ඇති මෙම පොලිස් නිලධාරියා අනිවාර්යෙන්ම ගෙදර යන්න ඕනි, පොලිස්පති වශයෙන් පත් වෙලා ඉන්න පුද්ගලයා පොලිස් කොස්තාපල් කෙනෙක්වත් වෙන්න සුදුසු නැ.උපරිම වුණොත් තව දවස් පනහයි ඉන්න පුළුවන් වෙන්නේ, වික්‍රමසිංහ රාජපක්ෂ පැලැන්තියේ බලය තියෙන්නේ තව දවස් පනහයි.මේ පුද්ගලයා පොලිස්පති ධුරයට නම යෝජනා කරනකොටම අපි විරුද්ධ වුණා, මෙයාට තියෙන්නේ හරිම අප්‍රසන්න රාජකාරි ඉතිහාසයක්, කුඩු අල්ලනවා කියලා මෙරටට කුඩු ගේන ව්‍යාපාර කරන එකෙක් ඇල්ලුවද?

ඇල්ලුවේ කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු, පසුගිය කාලයේ මේ මනුස්සයා හෝටලයක් කුඩු කරා, එතකොට කිව්වේ මේක කුඩු සල්ලිවලින් හදපු එකක් කියලා.ඔහුට කප්පම් නොදෙන අයව කුඩු කාරයෝ කියලා ඔවුන්ගේ දේපල විනාශ කරනවා.පාස්කු ප්‍රහාරයට ආයුධ රැගෙන ඇවිත් පොලිස් අත්අඩංගුවට පත් වුණ ලොරි රථය නිදහස් කලේ මොහු, ඒ මනුස්සයාව පොලිස්පති කරාම රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ?මේ පොලිස්පති රාජපක්ෂලාගේ හුරතලෙක්, .ගරු අධිකරණය සෘජුවම කියනවා මොහුගේ පොලිස්පති ධුරට අහෝසි කරන්න කියලා. අගමැතිවරයා කියනවා ව්‍යවස්ථාදායක ඉඩ දෙන්නේ නැ කියලා ඔහු ඉවත් කරන්න, මේක පාර්ලිමේන්තුවක්ද? නැ මේක පාර්ලිමේන්තුවක් නෙවෙයි යනුවෙන් පැවසිය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.