Image

දේශබන්දුගේ තුන් වේල සුපුරුදු රහට.!

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා අවසරදී ඇත.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත කළ විමසුමකදී අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පවසා ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම කළ යුතු බවයි.

අධිකාරිවරයා නියම කරන වේලාවටම කෑම රැගෙන ආ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

ඔහුගේ මෙම ඉල්ලීමට අනුමැතිය ලැබීමත් සමග බන්ධනාගාරයෙන් ආහාර සැපයීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

තමාට පිටතින් ආහාර ගැනීමට අවසර දෙන්නැයි හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

TRENDING POST