Image

AI තාක්ෂණය එක් කළ akd.lk වෙබ් අඩවිය එළිදකී

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ akd.lk වෙබ් අඩවිය, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාව අද  (27) සිදු කර තිබෙනවා

මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI සහය ලබාගන්නා පළමු අවස්ථාව වීමයි

එමෙන්ම ආසියාවේ දේශපාලන නායකයෙකු තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා AI තාක්ෂණය පාවිච්චි කරන පළමු අවස්ථාවද මෙය වනවා.

මේ තුළින් ජනතාවට භාෂා ත්‍රිත්වයකින් AKD වෙබ් අඩවිය වෙත ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමද විශේෂයක්.

NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියනට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන අතර මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතිනවා

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.