Image

පාසල පවා අහිමි කළ ෂාෆිගේ දියනිය ජාතිවාදීන්ට පිළිතුරු දුන් හැටි.!

2019 වසරේ පැවති රජය මුස්ලිම් විරෝධයක් මතුකර දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකළ කුප්‍රකට සැලැස්මේ කොටසක් වූ ‘වඳ සැත්කම්’ මාධ්‍ය ප්‍රබන්ධයේ ගොදුරක් බවට පත්වූයේ එවකට කුරුණෑගල රෝහලේ සේවය කළ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු වූ ෂාෆි ෂිහාබ්දීන් මහතාය.

ඔහුට එරෙහිව ජාතිවාදීන් විසින් ඇතිකළ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඔහුගේ දියණියට සිය පාසැල් ගමන පවා අත්හැර දැමීමට සිදුවූ අතර පසුව ඇය නිවසේ සිට අධ්‍යාපනය ලබා පුද්ගලිකව විභාගයට මුහුණ දුන්නේ විශාල සමාජ පීඩනයක් මැදය.

එසේ විභාගයට පෙනී සිටි මොහොමඩ් ෂාෆි ෆාතිමා සයිනැබ් සිසුවිය මෙවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව A සාමාර්ථ තුනක් ලබා ඇති අතර අනුරාධපුරයෙන් විභාගයට පෙනී සිටි ඇය දිස්ත්‍රික් 12 වෙනියා මෙන්ම දිවයිනෙන් 357 වෙනිියා වී ඇත. ඉසෙඩ් අගය 2.2780 හිමි ඇයට වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අවස්ථාව පවතින බව වාර්තාවේ.

එමෙන්ම ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද A සාමාර්ථ 9ක් ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ දැරියකි.

එවක රජයේ උවමනාව මත මාධ්‍ය කිහිපයක් මගින් ගොතන ලද ප්‍රබන්ධයක්වූ “මුස්ලිම් වෛද්‍යවරු සිංහල දරුවන් වඳ කිරීමේ කතාව” ජාතීන් දෙපිරිස අතර ජාතිවාදය වැපිරීමටත් ඒතුලින් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු රටට අවශ්‍යය යන පණිවිඩය ලබාදීමටත් උත්සාහ දරා තිබුණි.

පසුව විභාග කළ කරුණු වලින් පෙනී ගියේ දරුවන් වඳවූ බවට සිය ගණන් සාක්ෂි මාධ්‍ය වෙත ලබාදුන් කිසිවෙකු නීතිය හමුවේ සොයාගන්නටවත් නැතිවීමකි.

පසුව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.