Image

සමාජ මාධ්‍ය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්.!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත.

ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බව නීතිඥ සංගමය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවද නීතිඥ සංගමය සඳහන් කරයි.

එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකි බවත් එවැනි දෑ අධිකරණ පද්ධතියට සහ එම ක්‍රියාවලියට සදාචාර විරෝධී වන බවත් එමඟින් යුක්තිය පසිඳලීමට අහිතකර තත්ත්වයක් උදාකර දෙන බවද සඳහන් කරයි.

යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසටද නීතිඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි.

නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවද නීතිඥ සංගමය සඳහන් කරයි.

TRENDING POST