2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදී සහ පොලීසිය සමග හටගත් ගැටුමකදී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ මෙම මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශනවලට අනුව 2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු (31) දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ 49ක් සහ පොලීසිය සමග සිදුවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් නිරීක්ෂණය වී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කළ බව එහි සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සඳහන් කරයි.