Image

කැඳහැලිය කැලඹෙයි.. ආණ්ඩුව කොළඹ බලය අල්ලයි.!

ඊයේ (19) රාත්‍රී කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින ස්වාධීන සභිකයන් පිරිසක් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා සහ ස්වාධීන මන්ත්‍රීවරු පිරිසක් අතර පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති එම සාකච්ඡාව සාර්ථක වූ බවත් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන බවත් එම කණ්ඩායම නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වූ පිරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.

මෙම තත්ත්වයත් සමඟ ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන්නතාවයක සිටින නමුත් එම ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව 48කි.

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන අවශ්‍ය මන්ත්‍රී ධූර සංක්‍යාව 59කි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.