Image

“ජනාධිපතිතුමා ත්‍රස්තවාදියෙක්” ගම්මන්පිල බරපතල ප්‍රකාශයක් සිදු කරයි.!

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉතා බරපතල ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ වත්මන් ජනපති සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ත්‍රස්තවාදී නායකයෙකු බවයි.

ගම්මන්පිල මහතා මින් පෙර ත්‍රස්තවාදී කොටි සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් දේශප්‍රේමියෙකු ලෙසද අර්තකථනය කළ අතර එම ප්‍රකාශයද සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල,

වර්තමාන ආණ්ඩුවේ බොරුව එකින් එක එළි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇයි රණවිරු සැමරුම මගාරින්න උත්සාහ කළේ. ඇයි අපේ රණවිරුවන්ට සෙබළුන් කිව්වෙ කියල අද ලොකු සමාජ සංවාදයක් තියෙනවා.

හැබැයි ඉතාම සරල කාරණයක් තියෙන්නේ. ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක්. මේ රටේ අපේ රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තු හිටපු ත්‍රස්තවාදී සංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. එතකොට ත්‍රස්තවාදියෙකුට කොටි ත්‍රස්තවාදීන් පේන්නේ තමන්ගේ සගයන් වගේ.

ත්‍රස්තවාදයකුට තමන්ගේ රණවිරුවන් පේන්නේ තමන්ගේ සතුරන් විදියට. ඉතින් තමන්ගේ සතුරන්ට මල්කලඹක් තියන්න හිත හදාගන්න බැරිවීමේ මනෝ භාවය අපි හැමෝම තේරුම් ගන්න ඕනේ.

එතුමට අප්‍රේල් මස ඉන්නේ බක්මහ විරුවෝ, නොවැම්බර් මස ඉන්න ඉල්මහ විරුවෝ, එතකොට හමුදා විසින් මරා දැමූ අය විරුවන් වන කෙනෙකුට, හමුදාව හතුරන් මිසක් ද්‍රෝහීන් මිසක් විරුවන් වෙන්න බෑ. ඒ නිසයි ජනාධිපතිතුමා මේ රණවිරු උත්සවය මගාරින්න උත්සාහ කළේ. ඒ නිසයි ජනාධිපතිතුමා රණවිරුවන්ට සෙබලු කියල ඇමතුවේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.