Image

දුම්රිය සතියකට නවතී.. නියෝජ්‍ය ඇමති අස්වීම ඉල්ලයි.!

ඊයේ උදෑසන සහ ඊයේ සිදුවූ දුම්රිය අවලංගු වීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ක්‍රියාවක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. 

ඊයේ දිනයේ දෛනික දුම්රිය ගමන්වාර 216 කින් ගමන්වාර 38ක් අවලංගු වී ඇති අතර ඉන් ගමන් වාර 35ක් අවලංගු වීමට හේතුව දුම්රිය රියදුරන් නිවාඩු ගැනීම බවයි ඔහු පැවසුවේය. 

එසේම ඊයේ උදෑසන අවලංගු වූ දුම්රිය 15ට හේතුව වී ඇත්තේදී අත්තනෝමතික ලෙස දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමයි. 

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් ීඉයේ පෙරවරුවේත් අවලංගු කිරීම හේතුවෙන් රාජකාරී සඳහා පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වුණි. 

කෙසේ වෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූවේ, රාජ්‍ය නිළධාරීන්ට නිවැරදි වීම සඳහා ලබාදී ඇති පොදු සමාකාලය මේ වනවිට අවසන් වී ඇති බවයි.

දේශපාලන අවශ්‍යතා මත අත්තනෝමතික ලෙස මගී ජනතාව අපහසුතාවට පත්කිරීම අවසන් කිරීම සඳහා රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බවත් දුම්රිය ගමනාගමනය සතියකට හෝ නවතා දමා මෙම කඩාකප්පල්කාරී ක්‍රියා වලට ස්ථීර විසඳුමක් ගෙන එන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම දුම්රිය සේවයේ අකාර්‍යක්ෂමව කටයුතු කරනා ඉහළ නිළධාරීන්ට දින වකවානු සහිතව කටයුතු පවරා ඇති බවත් ඒ අනුව එම කටයුතු අවසන් කළ නොහැකිනම් අස්වීමේ ලිපිය බාරදී පිටව යා යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ගත් නව තීන්දු තීරණ ඉටු කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරීය එකගවූ බවයි.

TRENDING POST