ලංකා විදුලිබල මණ්ඩලය විසින් බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව සූර්ය පැනල පද්ධති මගින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27 සිට රුපියල් 45.80 දක්වා ඉහළ නංවා ඇත.
කෙසේ වෙතත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු ඉහළ නංවීම අදාල නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.