Image

නින්දෙන් ඇහැරුනු විමල් කෙහෙල් ගහට කොටයි.!

පසුගියදා ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ හිටපු ඇමතිවරයා විසින් හිරු මාධ්‍ය නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද කතෝලික සභාව විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පල කළේය.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට කාදිනල් හිමි පාස්කු දේව මෙහෙයට සහභාගී වී නොමැති බවට විමල් වීරවංශ විසින් සිදුකළ ප්‍රකාශය තුළින් එම ප්‍රහාරය පිළිබඳ කාදිනල් හිමියන් දැනුවත්ව සිටි බවට හැඟවෙන බව පැහැදිලිවන බවයි.

විමල් වීරවංශ විසින් සිදුකළ එම ප්‍රකාශය සම්පූර්නයෙන් අසත්‍ය බවත් එම සාවද්‍ය ප්‍රකාශය මුල් වරට සිදුකරනු ලැබුවේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජනාධිපති කොමිසන් සභාවේදී ශාක්ෂි ලබාදෙමින් බවත් සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පැවසූවේ‍ය.

කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දුගෙන් සිදුකළ වැඩිදුරටත් ශාක්ෂි විමසීමේදී එම ප්‍රකාශය සාවද්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව හරීන් ප්‍රනාන්දු විසින් පිළිගත් බවද පියතුමන් සඳහන් කළේය.

එවැනි පසුභිමක විමල් වීරවංශ විසින් එම සාවද්‍ය ප්‍රකාශයම නැවත නැවත සිදුකිරීම සමාජය නොමඟ යැවීමේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවට පෙනී යන බවත් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම නීතිවිරෝධී බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදු කිරීම සඳහා කතෝලික සභාව විසින් නීතිඥ උපදෙස් ලබාගනිමින් සිටිනා බව පැවසූ පියතුමා ඒ පිළිබඳ එන්තරවාසියක් කඩිනමින් විමල් වීරවන්ශ මහතා වෙත යැවීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.

TRENDING POST