මේ දිනවල අපරාධකරුවන් නීතිය කාටත් සාධාරණයි කිව්වාම කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපි කිසිදු ආයතනයකට මැදිහත් වෙන්නේ නැහැ. ඒ ආයතනවලට අපි එකයි කියන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔබට අනපනත් වලින් සපයා දී තිබෙන බලය ඔබ ක්‍රියාත්මක කරන්න.
නීතිපති දෙපාර්තමේන්තුව අනපනත් වලින් පවරා තිබෙන බලය ක්‍රියාත්මක කරන්න. අධිකරණය ඒක යුක්ති සහගතව විභාග කරන්න. අපි නිකන් දූෂිතයෝ හඳුන්වන්නේ නැහැ. අධිකරණය විභාග කරන්න. විභාග කරලා තීරණය දෙන්න. ඒක අපේ ප්‍රයත්නය. අපි ඒ වැඩේ කරන්න ඕනි.
නීතිය කාටත් සාධාරණයි කිව්වාම කඩිගුල ඇවිස්සුණා වගේ. දකිනවනේ මේ දවස්වල. නිෂ්ප්‍රභූ අයට නීතිය ප්‍රභූ අයට නීතිය බෑ. එහෙමනේ කියන්නේ. ඇයි නීතිය කාටත් සමානයි කියන එකට කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන්නේ ඇයි.?
ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් අපරාධකාරයින් බව. ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු වංචනිකයෙක් බව. ඒ නිසා නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි කියන සංකල්පයට ආශිර්වාද කරන්න ඕනි.
හැබැයි කලබල වෙන්නේ ඇයි ඇයි.? ඔහු දන්නවා ඔහු අපරාධකාරයෙක් බව. කලබල වෙනවා.”
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

