Image

පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යය කරයි

ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර මහතා පැවසීය.

පාන් මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බව සඳහන් කරන සභාපති උඩුවර මහතා පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බව ද පැවසීය.

අඩු කළ පාන් මිල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (27) සිට දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.