Image

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි

උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2020 වසරේදී එවකට ඇමැති මණ්ඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මීට දින කීපයකට ඉහත දී හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක් අනුමත කරගෙන තිබෙන බව වාර්තා වනවා.

එම සංදේශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බව වාර්තා වනවා.

පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබෙන්නේ, 2020 වර්ෂයේ ගනු ලැබූ කැබිනට් තීරණයක් වසර 4ක කාලයක් නොසලකා හරිමින් සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙර යළි බලාත්මක කරමින් 50,000 කට රැකියා ප්‍රදානය කිරීම පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් බවටයි.

මෙම කැබිනට් සංදේශයට මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ අත්සන්කර ඇති අතර වහාම සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංවිධානය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.