Image

රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛයක්

මැතිවරණ කොමිෂන් සභාව මගින්, ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මැතිවරණ ‍කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ එම චක්‍රලේඛය නිකුත් කරන බවය.

මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සහ ආයතනවල කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව උපදෙස් එම චක්‍රලේඛයෙන් දැනුම්දීමට නියමිතය.

සභාපතිවරයා සඳහන් කළේ, අදාළ චක්‍රලේඛය මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට සඳහා අවශ්‍ය නියෝග සහ උපමාන ද එම චක්‍රලේඛය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඊට අමතරව මාධ්‍ය ආයතන ද ජනාධිපතිවරණ කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එම චක්‍රලේඛයෙන් දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.