ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නැති බවත් වර්තාමානයේ පවතින්නේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පමණක් බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂ මූලස්ථානය පවතින්නේ තමා යටතේ බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නොමැති බවයි.