Image

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශයට

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ජනපතිවරණ අපේක්ෂකයා තීරණය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරෙනු ඇති.

කෙසේවෙතත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට සිය ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වනු ඇති බවයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉන් ඉවත් වී, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

TRENDING POST