Image

පොහොර සහනාධාර මුදල දෙගුණයකින් වැඩි කරයි

රජය විසින් තේ වගාවට පොහොර යෙදීම සඳහා ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාර මුදල රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) දින තීරණය කර ඇත.

මීට පෙර තේ වගාවට පොහොර යෙදීමට වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරය ලබාදීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර රාජ්‍ය පොහොර සමාගම විසින් රුපියල් 2000කින් අඩු කරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.