ඊයේ (12) පස්වරුවේ පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිතයන් කණ්ඩායමක් අනුර දිසානායක මහතා හමුවී සාකච්ඡාවක් සිදු කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට තුළ සිදු කෙරෙනා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනයත් එම සාකච්ඡාවේදී සිදු කළ බව වාර්තාවේ.
එමෙන්ම ඉදිරියේදී මෙරටට ආධාර කිරීම සම්බන්ධව ආසියානු සංවර්ධන බැංකුව තුළ පවතින සූදානම පිළිබඳ පැමිණි නියෝජිතයන් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා දැනුවත් කළ බව වාර්තාවේ.