මත්පැන් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සදහන් කරයි.
ඒ අනුව නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සදහන් කරයි.
නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රවන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බවත් පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇති බව සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර සදහන් කරයි.
සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සදහන් කළේ,
“නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා. ඒක ඇත්ත. එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්.
දැන් පුසගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් න්‍යාමනය කරන කොට අපේ ආදායම වැඩි වෙන්න පටන් ගත්තා.
ඒනිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානූකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්.
ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා. දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩු මිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”