වතුකරයේ පීඩිත ජීවිතයෙන් පන්නරය ලැබූ කිට්ණන් සෙල්වරාජ් සහ අම්බිකා සැමුවෙල් මහා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්හ. ජාතික ජන බලවේගය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 6ක් දිනාගනිමින් ප්‍රබල ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත්විය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට වතුකරයේ පීඩිත ජීවිතය තුළින් පන්නරය ලැබූ අපේක්ෂිකාවක සහ අපේක්ෂකයකු මෙවර මහා මැතිවරණයේදී ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීම සුවිශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැක.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ කිට්ණන් සෙල්වරාජ් මනාප ඡන්ද 60,041ක්ද, අම්බිකා සැමුවෙල් මනාප ඡන්ද 58,201ක්ද ලබා ගැනීමට සමත්වීම වතුකරයේ පීඩිත ජනතාව ලැබූ විජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.
මෙම දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 6ක් දිනාගැනීමට සමත් වූ අතර, වැඩිම මනාප ඡන්ද 208,247ක් ලබා ගනිමින් සමන්ත විද්‍යාරතන මහතා ප්‍රථම ස්ථනය හිමිකරගත්තේය.

