Image

මාස හයක් බලා ඉන්න බෑ.. කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍යයි.! ආනන්ද විජේපාල

භාවිත කිරීමට නියමිත නව තාක්ෂණික සැකසුම සකස් කර අවසන් කිරීමට මාස 06ක දීර්ඝ කාලයක් ගත වීම ජනතාවට කරන බරපතළ ආසාධාරණයක් වන බැවින් ඒ වෙනුවට වෙනත් ක්‍රමවේදයක් යොදාගෙන අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරාගත යුතු බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේදී අනාවරණය වූයේ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වය නොලැබීම සහ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සදහා නව තාක්ෂණික වැඩසටහනක් සැකසීමට මාස 06ක් වැනි දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් ප්‍රතිලාභීන් තෝරා ගැනීම ගැටලුවක් වී තිබෙන බවය.

මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අස්වැසුම නොලැබුණු 98,126 කගේ දුක්ගැනවිලි ලැබී ඇති බවත් රජයේ නිර්ණායක අනුව යොදාගෙන තිබූ දත්තවලට අනුව ප්‍රතිලාභ ලැබිය යුතුම පුද්ගලයන් ඇතුළත් නොවී සුදුසුකම් සපුරා නැති පුද්ගලයන් ප්‍රතිලාභීන් හැටියට අස්වැසුම වැඩසටහනට ඇතුළත්ව සිටීම බරපතළ ගැටලුවක් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සදහන් කරයි.

TRENDING POST