Image

බදු අඩු කරන කතාවක් අපි කීවේ නෑ…ඒක සමාජ මාධ්‍ය කළ වැරදි අර්ථකතනයක්…! – මුදල් නි. ඇමති

මෙවර අයවැය පිළිබඳව රුපියල් ශතවලින් ඔබ්බට ගොස් දැකීමට පුරුදු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

“මම විශේෂයෙන්ම යෝජනා කරනවා විපක්ෂයට මේ අයවැය ඇතුළේ තියෙන සංඛ්‍යා ලේඛනවලින් එහාට දකින්න. සියලු දේ සංඛ්‍යා ලේඛනවලින් මනින්න බෑ. අපි සමහර වෙලාවට හුරු පුරුදු වෙලා ඉන්නවා පරිසරය, සමාජය දකින්න – ඉතිහාසයේ තිබුණා ගස්කොළන් වට අඩි ප්‍රමාණයෙන් දකින හැටි, පරිසරයේ තියෙන ගල් කඩලා කියුබ්වලට පරිවර්තනය කරලා රුපියල් ශතවලට පරිවර්තනය කරගෙන මිනිස්සු දැක්කේ. ඒ නිසා මේ අයවැය ඇතුළෙත් රුපියල් ශතවලින් එහාට ගිහිල්ලා දකින්න පුරුදු වෙන්න.

මොකද හේතුව, මේක ඇතුළෙ ජීවිතය තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම චෝදනාවක් ආවා මේ අයවැය ඇතුළේ අපි ආදායම් එකතු කරගන්න කොට අලුතින් බදු පැනෙව්වා කියලා. අපි විශේෂ බදු පැනවීමක් සිද්ධ කළේ නෑ. විශේෂයෙන් පසුගිය අවුරුදු තුන ඇතුළෙදි පළවෙනි වතාවට තමයි ලංකාවේ – ඒ කියන්නෙ අවුරුදු තුනක් යනකල්ම වැට් බදු වැඩි නොකර තිබිලා තියෙන්නෙ මේ කාලේ.
මෙවරත් සමත් වෙනවා වැට් බදු වැඩි නොකරන්න. ඒ වෙනුවට වැට් බදු සහනයක් දෙන්නත්. ඒ වගේම ආදායම් බදුවලට විශේෂ සහනයක් දෙන්නත් යෝජනා කරලා තියෙනවා. ආදායම් බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරන්නත් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම වැරදි අදහසක් විපක්ෂයෙන් මතුවුණා මේ බදු අඩු කරන්න අපි යෝජනා කළායි කියලා. නෑ. එවැනි දෙයක් සිද්ධ වුණේ සමාජ මාධ්‍ය විසින් අපි ඉදිරිපත් කරපු අදහසක් වැරදි විදියට අර්ථකථනය කිරීමක්.”

TRENDING POST