Image

අවසන් දින දෙකේ මාලිමාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි.!

ඉදිරි දින දෙකේදී ජාතික ජන බලවේගයට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් ගැන ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විශේෂ හෙළිදරව්වක් සිදුකරයි.

අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරි දින දෙකේදී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර පැත්තෙන් අපට එල්ල කරන අවදාල සහ විය හැකි කුමන්ත්‍රණයන් ගැන සමාජයට කරුණු ඉදිරිපත් කිරීම තමා අපේ අපේක්ෂාව.

ඔබ දකින්න ඇති අපේ රටේ බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රියාවලිය මෙලෙස පැවතුණත් අනපේක්ෂිත සිදුවීම් සිදුවෙනවා. ඒ නිසා පුරවැසියන් තුළ අනුමානයන් තිබෙනවා. සජබ මන්ත්‍රීවරයෙක් අවස්ථා දෙකකදී ප්‍රකාශ කළා කලබලයක් ඇති වීමේ අනතුරක් පිළිබඳව.

ඒ වලේම අපි දැක්කා ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ සිදුවීමක් වාර්තා වෙනවා. ඒ නිසා යම් කුමන්ත්‍රණකාරී ලෙස ගැටුම්කාරී තත්ත්වයක් සමාජයේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ තිබිය හැකියි.

ඒක හෙළිදරව් කිරීමත් එවැනි කිසිදු ගැටුමකට කුමන ආකාරයකින්වත් අපේ සාමාජිකයින් සම්බන්ධ නොවෙන්නත් ඒ වගේම ගැටුමක් ඇති වෙනවා නම් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන බලතල තුළ එවැනි දෙයක් ව්‍යාප්ත වීම වැළැක්වීම යන ඉල්ලීම තමා අපේ පැත්තෙන් තියෙන්නේ.”

“360” රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.