2024 ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට එහි ජ්‍යේෂඨ නායකයෙක් මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.
ඡන්ද ගණන් කරන ස්ථානයේ සිටින නියෝජිතයන්ගේ තොරතුරු උපුටා දක්වමිනුයි, ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව දෙවන මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූව ද දෙවන ස්ථානය හිමි කරගන්නා අපේක්ෂකයා අතර විශාල පරතයක් පවතින බව ද එම ප්‍රකාශකයා අවධාරණය කළා.
අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට සැලැසුම් කර ඇති බව ද සඳහන්.
ඒ අනුව ඉරිදා පස්වරුවේ ඔහු දිවුරුම් දෙනු ඇති බවටයි එම ජ්‍යෙෂ්ඨ නායකයා ජනමාධ්‍යයක් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

