Image

ජනපති අනුරටත් රථගායද.?

වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා මහනුවර වෙත යෑමට හෙලිකොප්ටරයක් භාවිතා කළ බවට නොයෙක් කට කතා පැතිර යන පසුබිමක ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ එවැන්නක් සිදුව නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ආරක්ෂක ඒකකයද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එදින මහනුවර බලා ගමන් කළේ වාහනයකින් සහ පරිවාර ආරක්ෂක රථයකින් පමණක් බවයි.

වත්මන් ජනාධිපතිවරයා පරිවාර රථ පිරිවරාගෙන මහනුවර බලා ගිය බවටත් හෙලිකොප්ටරයකින් ගිය බවටත් ඇතැම් ප්‍රධාන මාධ්‍යවල සහ සමාජ මාධ්‍ය වල පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ආරක්ෂක ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ බව සඳහන් කර ඇත.

TRENDING POST