Image

සියලුම රජයේ ආයතනවල ජනපතිගේ ඡායාරූප භාවිතය තහනම්.!

සියලු රජයේ ආයතනවල විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙසට රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබාදී ඇත.

රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. 

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.