Image

ජනපති දැවැන්ත පියවරක් තබයි.. සහල් මාෆියාවටත් තාක්ෂණයෙන් පිලිතුරු.!

ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස තෝරා පත්කරගත් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් ඩිජිටල් ආර්ථිකයක් සඳහා මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු ක්ශෙස්ත්‍රයේ ප්‍රවීණයන්ගේද සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහේෂ් විජේනායක ඇතුළු කණ්ඩායමක්ද එක්ව සිටියහ.

එම සාකච්ඡාවේදී මෙරට කාලීන ගැටලුවක් වන විච්ල්‍ය සහල් මිල ස්ථාවර කිරීම සඳහා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශයක් ලෙස රටේ සමස්ථ වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඊට අමතරව ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.