Image

මට ලෙන්ගතු මිනිසුන්ගේ.. වෛරක්කාරයෙක්ව මියැදීම මගේ අපේක්ෂාව නොවේ.! – ජනපති

සිරස TV ආයතනයේ පැවති සටන වැඩසටහනට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා නව රජයේ ඉදිරි සැළැසුම් සහ කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

එහිදී නව රජය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති සමාජීය කරුණු සම්බන්ධයෙන්ද සාධනීය පිළිතුරු ලබාදුන් ජනපතිවරයා සියලු තීන්දු තීරණ ගැනීමේදී ජනවරමට අනුකූලව කටයුතු කරනා බවද අවධාරණය කළේය.

එමෙන්ම මෙරට ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් නව අමාත්‍යංශයක් පිහිටුවීමට සැළසුම් කර ඇති බව පැවසූ ජනපතිවරයා සිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත්කළ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා එහි අමාත්‍යංශ ලේකම් වරයා ලෙස පත්කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නව මානයකට ඔසවා තබමින් ඒ හරහා ජනතාවට පහසුවෙන් සහ කාර්‍යක්ෂමව කටයුතු කිරීමට හැකි සමාජයක් ගොඩනැගීම එහි අවසන් අරමුණ බවත් ජනපතිවරයා අවධාරණය කළේය.

අවසන් වශයෙන් ඉතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකරමින් වැඩසටහන අවසන් කළ ජනපතිවරයා කියා සිටියේ තමාට ආදරය කරනා ලෙංගතු ජනතාව සිය වෛරක්කාරයන් කරගනිමින් ජීවිතය නිම කිරීම සිය අපේක්ෂාව නොවන බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.