ජාතික ජන බලවේගය විසින් මාතර දී සංවිධානය කළ ජනරැළිය අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් නොගෙවිය යුතු ඉන්ධන සහ විදුලි බිලක් ගෙවමින් සිටිනා බවයි.
ඔහු පෙන්වා දුන්නේ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ඇති බලාගාරවලින් බොහොමයක් ඩීසල් බලාගාර බැවින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 100කට අධිකය මිලක් වැයවන බවයි.
එම බලාගාර සියල්ලම ස්වභාවික ගෑස් සඳහා පසුව පරිවර්තනය කළ හැකි පරිදි නිර්මාණය කර ඇති බැවින් එසේ කළහොත් විදුලි ඒකකයක් රුපියල් 30ට අඩු මුදලකින් නිෂ්පාදනය කළ හැකි බව ඔහු පැවසීය.
නමුත් පාලකයින් විසින් වසර 15ක් පුරාවට එම ක්‍රියාවලිය සිදු නොකරමින් කොමිස් මුදල් උපයමින් සිටිනා බව පැවසූ දිසානායක මහතා ජාතික ජන බලවේග ආණ්ඩුවත් යටතේ ඉතා කඩිනමින් එම සංවර්ධන ක්‍රියාවලිය සිදු කරනා බව අවධාරණය කළේය.
එමෙන්ම මෙරටට ආනයනය කරන බහුතරයක් ඉන්ධන පිරිපහදු කළ ඒවා බවත් බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීමෙන් පමණක් පිරිවැය සෘජුවම 17%ක් අඩු කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, 1969 ආරම්භ කළ තෙල් පිරිපහදුව ඉන්පසු කිසිදු සංවර්ධනයකට ලක් කර නොමැති බවත් මේ වන විට එහි අවශ්‍යතාවය පිරිපහදු කිරීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැති බවත් එහි මේ වන විට හැකියාව පවතින්නේ වත්මන් පරිභෝජනයෙන් ඩීසල් 30%ක් සහ පෙට්‍රල් 17ක්%ක් පිරිපහදු කිරීමට පමණක් බවත් දිසානායක මහතා පැවසීය.
එමෙන්ම මාලිමා රජයක් යටතේ ඉතා කඩිනමින් විදුලිය සහ ඉන්ධන සාධාරණ මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කරනා බව ඔහු පැවසීය.