Image

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට සුදානම්.!

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය එළඹෙන (21) වනදා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

එළඹෙන (21) වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේදී නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය සාම්ප්‍රදායික උත්සව වලින් තොරව සරලව සිදු කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සදහන් කළාය.

TRENDING POST