Image

හමුදා බුද්ධි අංශ, ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ යටි අරමුණක.?

අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති පරිදි පසුගියදා වඩාත් ආන්දෝලනයට ලක්වූ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විරෝධතාවේදී කලහකාරී ලෙස පිහියක් තබාගෙන පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වෙයි.

අයිලන්ඩ් පුවත්පත මෙම වාර්තාව පලකර ඇත්තේ පොලිස් ආරංචි මාර්ග පදනම් කරගනිමින් බව සඳහන්.

දෙසැම්බර් 02 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුරදී කලහකාරී ලෙස හැසිරුණු අදාළ පුද්ගලයා පසුව විරෝධතාකරුවන් විසින්ම පොලීසියට භාරදුන් අතර එම පුද්ගලයා හමුදා බුද්ධි අංශවල බවට පසුව හඳුනාගත් බව එම වාර්තාවේ සඳහන්ය.

විරෝධතාව මැඩපැවැත්වීමට එම ස්ථානයට යොමු කරන ලද පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල කරමින්, ඔහු එහිදී හැසිරී තිබූ අතර එහිදී උප පොලිස් ප්‍රරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබීය.

කෙසේවෙතත් මෙම පුවත සම්බන්ධයෙන් පොලීසිය, හමුදා බුද්ධි අංශ හෝ රජය පාර්ශවයෙන් නිල පැහැදිලිකිරීමක් සිදුකර නැත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.