Image

ජඩ මාධ්‍ය සෙල්ලම අවසන්.. ජනපතිගෙන් හදිසි කැඳවීමක්.!

ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක්  ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බවයි.

සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනාවක් කරමින් ජනපතිවරයා පවසා සිටියේ, ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙසයි. 

එහිදී ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ, දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙසයි.

නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනපතිවරයා ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බවත් රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප  මුහුණ දුන් බවත් සිහිපත් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.