Image

නීතිය කියන්නේ පොඩි සත්තු විතරක් පැටලෙන මකුළු දැලක්.!

“අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් වෙමු” යන තේමාව යටතේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බවයි.

බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට ලාච්චු අස්සේ හිරවෙනවා නම් අපි ජනතාවට පැහැදිලි කළයුතු නැද්ද ඇයි හිර වෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ අපේ මේ මුළු දේහය පද්ධතියක් ලෙස කඩා වැටිලා තියෙන්නේ.

යළි අපේ රට ගොඩනගනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිස්ථාපනයට ලක්කළ යුතුයි. එහෙම නැතුව කුඩා නීතිමය ප්‍රශ්නයකින්, කුඩා ආයතයක් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පමණක් මේ කාර්යය සම්පූර්ණ කරගන්න බැහැ. ඒකට මගේ අවුරුදු 05 ගත කරන්න පුළුවන්. නීති දෙකක් හදලා දීලා. ආයතනය ව්‍යුහයක් ප්‍රතිව්‍යුහගතකරලා දීලා මට අවුරුදු 05න් බැහැලා යන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවානම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් තොරව මේ ජයග්‍රහණ අත්පත්කරගන්න බැහැ. මම හිතනවා පෞද්ගලිකව මා උත්සාහ කරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කරලා මේ රාජ්‍යය සුවපත් රාජ්‍යත් බවට පත් කරන්න. ඒක තමයි මගේ අපේක්ෂාව.”

එක අවුරුද්දක අල්ලස් කොමිසමෙන් දඬුවම් ලබාදීලා තිබුණේ PC මහත්වරු දෙන්නෙකුයිඑක ග්‍රාමසේවක මහත්තයෙකුටයි, SI මහත්තයෙකුටයිලිපිකරුවෙකුටයි. මගේ මතකෙන් මම කිව්වේ තව දෙන්නෙක් වගේ හිටියා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳගෙන යනවා. එහෙම නීතියක් තිබෙන බවඑහෙම නීතිය ක්‍රියාත්මක වෙන බව මේ රටේ පුරවැසියන් දන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්ම වෙනවා වගේම නීතිය සාධාරණව ඉටුවෙනවා කියලා ජනතාවගේ විශ්වාසයක් ගොඩ නැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නැහැ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.