Image

ජනපති අනුර පළමු සංචාරයට සූදානම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන (15) වනදා සිය පළමු ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඒ සදහා විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් (15) වනදා සිට (17) වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

TRENDING POST