Image

ජනපති අනුරගේ මංගල සංචාරය ගැන නිවේදනයක්.!

දෙසැම්බර් මස (15) සිට (17) වනදා දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ පළමු විදෙස් සංචාරය මෙය වේ.

දින දෙකක සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වීමට ද නියමිතය.

තවද ජනාධිපති අනුර කුමාර දිසානායක බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිත බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

TRENDING POST