ඊයේ (19) පස්වරුවේ කලුතරදි පැවැති ජනහමුවක් අමතමින් අනුර කුමාර දිසානායක ජනාදිපතිවරයා පැවසූවේ ණය හෝ කොමිස් නොවන පිරිසිදු ආයෝජන රැසක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.
රට රටවල් සමඟ ඉතා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් සැළසුම් සහගත ආර්ථික මාවතක් කරා රට ගෙන යන බවද ජනපතිවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම සිය මිළග නිල විදෙස් සංචාරය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බවද ඒ සඳහා වන නිල ආරාධනය තමන් වෙත ලැබී ඇති බවද ජනපතිවරයා පැවසීය.
එසේම ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදීම වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීම රජයෙන් රජයකට වූ ප්‍රතිපත්තිය මත සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳවද අවධානයට ලක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

