Image

රාජ්‍ය සේවය ගැන ජනපති ගත් තීරණය.!

පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බවත් රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බවත් රාජ්‍ය සේවකයින් සදහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර 2025 අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය සේවය තුළ මේ වනවිට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන්කිරීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

මෙරට රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.