Image

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල කිසිදු උපදෙස් මාලාවක් සඳහන් කර නොමැති බැවින් බැංකුවලින් තමුනට සහන ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු තම ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා සහන සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදී ඇති උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල සහන සලසන්නේ කෙසේ දැයි කියා බැංකුවලට මාර්ගෝපදේශයක් ලබාදී නැති නිසා බැංකු විසින් තමුනට සහන ලබාදිය නොහැකි බව පවසන බවද ඒ මහතා සඳහන් කරයි.

එනිසා නිසි මාර්ගෝපදේශ සහිතව බැංකු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.