Image

ලසන්තගේ අවනඩුව ගිනිගද්දී ජනපති නීතිපති කැඳවයි..!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ (6) පස්වරුවේ කැඳවා ඇති බව වාර්තා වේ.

මෙම හමුව පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙනවා.

නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර ඇති බව එම සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම හැසිරීමට විරෝධය පලකරමින් ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැනීමට නියමිත බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.