2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
අද (10) දින උදෑසන 10.10ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරයට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු එක් වී සිටියි.