Image

ලොකුම මැයි රැලිය ආණ්ඩුවේ.. විපක්ෂය පුංචි පුංචි රැලි තියයි.!

එළඹෙන මැයි (01) වැනිදාට යෙදෙන “ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි රැළි 18ක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජාතික ජන බලවේග මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත අතර මෙවර මැයි දින පෙළපාළියක් සංවිධානය කර නොමැත.

සමගි ජන බලවේගය සිය මැයි දින රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය, තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින පෙළපාළියක් සංවිධානය කර ඇති අතර එය මරදානේ සිට හයිඩ්පිටිය දක්වා ගමන් කර එහිදී රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මැයි දින රැළියක් පවැත්වීමට නියමිත බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.