Image

ජනතාව වෙනුවෙන් රජය මහා පරිමාණ ව්‍යාපෘති අරඹයි.!

ආණ්ඩුවේ මේ අවුරුද්දේ ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

තවද සැප්තැම්බර් මස දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතුත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීම. ඒ වගේම යාපනයේ කච්චේරිය තුළ පාස්පෝට් ලබා ගැනීම සඳහා යාපනයේ ජනතාවට අතිවිශාල ගැටළුවක් වශයෙන් තිබුණා. ඒක විසඳලා ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඒ පහසුකම ලබා දෙන්න ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

TRENDING POST