Image

කුඩු ගෙන්වන දේශපාලකයන්ගේ කාලය අවසන්.. ලංකාවම සුද්ද කරනවා.!

ලංකාවට කුඩු ගේන්නේ දේශපාලකයෝ බවත් මත්ද්‍රව්‍ය බිස්නස් කරන්නේ දේශපාලකයෝ බැවින් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“ඉගෙන ගන්න පාසලක් නෑ. ගුරුවරු නෑ. පහසුකම් ටික නෑ. විනාශ වෙලා යනවා. ලොක්කන්ට එක ජීවිතයක් ජනතාවට දුක්ඛිත ජීවිතයක්. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ජනතා සල්ලි කෝටි ප‍්‍රකෝටි ගණන් පාලකයෝ නාස්ති කරනවා.

හොරු කවදාවත් රටවල් හදන්නේ නැහැ. කඳුකරයේ කුඩු, මත්ද්‍රව්‍ය පැතිරෙමින් තිබෙනවා. දරුවන් ගැන මව්පියන් බයෙන් ජීවත් වෙන්නේ. දරුවා, පවුල, ගෙදර, අල්ලපු ගෙදර මේ ඔක්කොම ඉවරයි. නුවරඑළියට කුඩු ගේන්නේ දේශපාලකයෝ. මත්ද්‍රව්‍ය බිස්නස් කරන්නේ දේශපාලකයෝ. කුඩු, මත්ද්‍රව්‍යවලින් තොර රටක් හදන බවට සහතික වෙනවා.

අපි කුඩු මුළුමනින්ම මර්දනය කරනවා. හෝටලයක වැඩකරන්න, දරුවා බලාගන්න කෙනෙක් නැත්නම්. අහන්නේ තලවකැලේ කෙල්ලෙක්,කොල්ලෙක් නැද්ද කියලා. හැබැයි ඊට වඩා රැකියා නැද්ද.?. ඔබ විඳින දුක දරුවාට අත්වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නිවසක්, අධ්‍යාපනය, විනෝදය සහ හොඳ අනාගතයක් සහිත රටක් හදමු.”

ජාතික ජන බලවේගය ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST