Image

දුමින්ද දිසානායකගේ සෙට් එකෙන් වැඩ ගන්න අනුර දිසානායක.!

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුමින්ද දිසානායක පැවසූවේ අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව ජානාධිපතිවරණ සමයේ දුන් පොරොන්දු ඡනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් පමණක් දුන් පොරොන්දු බව මේ වන විට ඉතාමත් පැහැදිලිව ඔප්පු වි ඇති බවයි.

‘‘අනුර කුමාර හැමදාමත් ප්‍රාර්ථනා කරේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් අරගෙන විපක්ෂ නායක වෙන්න.

මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අධිපතියි දවස් දෙකෙන් අයින් කරනව කිව්ව අනුර කුමාර ඇයි තාම අපේ දෙන්නා තියාගෙන ඉන්නේ. එයාට ජනාධිපති වෙන්න සැළසුමක් තිබුනනම් එයාලගේ අය පත් කරගන්නවා.

අයි.එම්.එෆ් එකත් එක්ක අපි එකඟ වුනු දේවල් වැරදියි කියපු අය, ඒ ගොල්ලොත් එක්ක කතා කරළ අවශ්‍ය සැළසුම් හදනවා වෙනුවට අද කරන්නේ මොකක්ද.. අපේ ලේකම්වයි අපේ අධිපතියි තියාගෙන අපේ අයි.එම්.එෆ් එකම දුවනවා.

නමුත් එතුමාවත් දන්නේ නැති විදිහට එතුමා ජනාධිපති වුණු නිසා දැන් සිද්ධ වෙලා තියෙනවා අනුර කුමාර ජනාධිපතිතුමාට අර කලින් කියපු දේවල්වලට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.

එකින් එක නිදහසට කාරණා කියන්න වෙනවා මොකද විපක්ෂයේ ඉන්න කොට නම් කිව්වාට කමක් නෑ මම මහාභාණ්ඩාගාරය ගැන බලන්න ඕන, හැබැයි අද මුදල් ඇමති එයා, ජනාධිපති එයා, ඇමතිලා එයාල ම යි, මේ සේරම තියෙන්නෙ එයාල ගාව නම් ආයේ මොනවාද බලන්න තියෙන්නේ. හරි නම් ජනාධිපති වෙන්න කලින් මේ සැලසුම් හදන්න ඕන. හැබැයි අනුර කුමාර සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේදි ජනතාවට දුන්න පොරොන්දු  එකක්වත් සැලසුමක් ඇතිව, මුදල් තියෙනවා ද, නැද්ද කියලා හොයන්නේ බලන්නේ නැතිව ඡනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් පමණක් දුන්න පොරොන්දු කියන එක දැන් ඉතාමත් පැහැදිලිව ඔප්පු වෙනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.