අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය වසර 28කට පසුව ස්ථාපිත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර ඇත.
එම කවුන්සිලයේ සභාපතීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායකට හිමිවන බවත් මීට පෙර එම කවුන්සිලය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළද එය ක්‍රමවත්ව සිදු වී නැති බව එහි සභාපති මංගල විජේසිංහ සදහන් කරයි.
වසර අවසානයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා වර්ධනය කිරීම අදාළ කවුන්සිලය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ බවද සභාපති මංගල විජේසිංහ සදහන් කරයි.