Image

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති ගත් තීරණය.!

මෙවර අයවැයට විශාල බරක් වී තිබෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන බවත් එම රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධව මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“මෙතෙක් මේ ආයතන පවත්වාගෙන යාම සදහා ගෙනයන ලද පරිපාලන ව්‍යවුහය අසාර්ථකයි පමණක් නොවේ මෙම පරිපාලන ව්‍යවුහය අතිශය දූෂිතය. විනාශකාරී පරිපාලනයක්. එනිසා මේ රාජ්‍ය අයවැයට විශාල වැය බරක් බවට පත්වී තිබෙනවා මේ ආයතන විශාල ප්‍රමාණයක්.

එනිසා පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා.. මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්.

මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා. එකම කාර්යය කිරීම සදහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.