පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාව, දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව එළඹෙන 2025 අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
එළඹෙන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව. ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවර නියෝජනය කිරීම.
අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා.
ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩි කරනවා.”
ජාතික ජන බලවේගය තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.