Image

මාලිමා ආණ්ඩුව ටෙලිකොම් විකුණන්නේ නෑ… කලමනාකරණයට විදෙස් ආයෝජන කැඳවනවා..! – අනුර

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කළමනාකරණය සඳහා විදෙස් ආයෝජකයන් ගෙන ඒමට ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

ජාතික ජන බලවේග බැංකු සහ මූල්‍ය සමුළුව අමතමින් ඔහු අවධාරණය කළේ තමන් ටෙලිකොම් ආයතනය විකිණීමට විරුද්ධ අතර එම ආයතනය කළමනාකරණය සඳහා විදෙස් ආයෝජන කැඳවන බවයි.

වහ වහා වෙනස් වන නූතන අධි තාක්ෂණික ලෝකයෙහි ටෙලිකොම් ආයතනය කළමනාකරණය කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව ටෙලිකොම් ආයතන ඉංජිනේරුවන් තමන් සමග ප්‍රකාශ කළ බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

සිය ආණ්ඩුවවක් යටතේ උසස් පෙළ සමත් සිසුන් 200ක් වාර්ෂිකව රජයේ වියදමින් විදෙස් රටවලට යවා නව දැනුම සහ හැකියා රටට ගෙන ඒමට කටයුතු කරන බව ද කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.